HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බොරුවක වෙනස?

දවසක් නස්රුදින් හම්බවෙන්න යාළුවෙක් ආවා. ඇවිත් ඉල්ලීමක් කළා. නඩුවක එයා වෙනුවෙන් සාක්කියක් දෙන්න කියලා. ඔහෙට කරන්න තියෙන්නෙ මෙච්චරයි. නඩුකාරයා අහයි ඔහෙගෙන්, “මේ මිනිහා ඔක්කොම රන් කාසි ටික දෙනවා යුෂ්මතා දැක්කද?” කියලා. ඔහෙට තියෙන්නෙ “ඔව්” කියන්න විතරයි. 


ඔවුන් උසාවියට ගියා. නඩුකාරයා ඉදිරියේ සාක්කි දෙමින් නස්රුදින් කිව්වා, “ඒ මිනිහා ඔක්කොම රිදී කාසි ටික දෙනවා තමා දක්කා” කියලා. 

නඩුකාරයා ඒ කතාව පිළිගෙන නඩුව අහක දැම්මා. 

උසාවියෙන් පිටට ආපු යාළුවා නස්රුදින්ගෙන් මෙහෙම ඇහුවා. “ඇයි නස්රුදින් මගෙ රන් කාසි වෙනුවට රිදී කාසි කියලා කිව්වෙ?” 

“ඉතින් ඔහෙ මට බොරුවක් නේද කියන්න කිව්වෙ? බොරුව රන් වුනත් රිදී වුනත් ඇති වෙනස මොකක් ද?‍” නස්රුදින් ඇහුවා.‍‍ 

(මේ කතාව පර්සි ජයමාන්නගේ නස්රුදින් කතා පොත් පෙළේ පස් වැන්න වූ අලුත් ම කෘතියෙන්. ‘නස්රුදින්ගේ අමුතු කතා’ නමින් දැන් නිකුත් වෙලා ඇති මේ ප්‍රකාශනය දොරට වැඩියේ කොළඹ සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සමාගමේ අනුග්‍රහයෙන්.)

Post a Comment

1 Comments

  1. සමහර නස්රුදීන්ගෙ කථා කියවන කොට ඔලුවට සමනල ගැටේ වැටෙනවා- Mayya --https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete